මියගිය බවට සැලකෙන අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් DNA පරීක්ෂණට

ප්‍රදීප් සිං යන නාමයෙන් ඉන්දියාවේදී පෙනී සිටිමින් ඇති බව සැලකෙන මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා හෙවත් මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නමැත්තා පසුගිය ජූලි තුන්වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේදී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා පළවිය. එලෙස මිය ගියේ යැයි සැක කෙරෙන අංගොඩ ලොක්කාගේ ආදාහනය කරනු ලැබූ සිරුරේ කොටස් DNA පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනු ලබන ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කර ඇත්තේ අදාළ වාර්තා දින 04 කින් ලැබීමට නියමිත බවයි. එමෙන්ම අදාළ වාර්තා ලැබීමේන් පසු ඒවා ඉදිරි විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකාවේ නිලධාරීන් වෙත යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් විමර්ශන ක්‍රියාත්මක වන අතර, රෝ බුද්ධි සේවය ඇතුලු අනෙකුත් බුද්ධි අංශ ද මෙම සිද්ධියට අදාළ දත්ත රැස්කරමින් සිටිති. මෙම පුද්ගලයා ඉන්දියාවේදී සිටි කාලයේදී ඔහු විසින් LTTE හිතවාදීන් සමග සම්බන්ධතා පවත්වා ඇතැයිද අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *