මාලිංග ජයග්‍රහණයකින් සමුගනී

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයේ අවසන් පන්දුවට අවසන් බංග්ලාදේශ පිතිකරුවාද දවා ගනිමිනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 314ක් ලබා ගත් අතර එයට කුසල් ජනිත් පෙරේරා ලබාගත් අගනා ලකුණු 111 ද අන්තර්ගත විය.

බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි. ලසිත් මාලිංග සිය අවසන් තරගයේදී කඩුලු 3ක් දවාගත් අතර තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන ලැබීය.

අවසන් එක්දින තරගයට එක්වූ මාලිංග වෙනුවෙන් සමරු තිළිණ රැසක් ප්‍රදානය කෙරුණු අතර එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *