කොහුවල වෙඩි තැබීමකින් අයෙක් මරුට

හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදනකු විසින් කොහුවල, ජම්බුගස්මුල්ල මාවතේදී වාහනයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ලෑන්ඩ් කෘෂර් රථයකින් පැමිණ ඇති මෙම තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහි වාහනයක යමින් සිටි 38 හැවිරිදි අයකු මියගොස් ඇති අතර එක් අයකු තුවාල ලබා ඇත. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. තුවක්කුකරුවන් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් අද(28) අලුයම 1ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

(Image – culvercitycrossroads.com )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *