ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු බව කියන දිනේෂ් පුෂ්පකුමාර නොහොත් “මාදංගහවත්තේ ජනා” නැමැත්තා කුඩාඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
මාදංගහවත්තේ ජනා නැමැත්තා මොරටුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකරමින් සිටි අයකු බවත් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය පවසයි.
යුක්තිය මෙහෙයුමට බියෙන් මොහු කුඩාඔය ප්‍රදේශයේ සැඟව සිටියදී හෙරොයින් ග්‍රෑම් 490 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ජානා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගිය වසරේ ජූනි මස 5 වැනි දින විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, අරගල සමයේදී මොරටුව අලුත් පාර, රථ බීම හලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද මොරටුව අධිකරණයේ නඩුවක් පවතින බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.