මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට (27) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
දැනට වී අස්වනු නෙළන මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ දිස්ත්‍රික්කවල මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බවත්, වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.