ලංකාවේ අභිමානය නසන ගුවන්තොටුපළ

ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම විදේශීය ආකර්ෂණය නොමඳ ව දිනාගත් දිවයිනක් වන අතර අතීතයේ පටන් විදේශිකයන් මෙරටට පැමිණි බවට සාක්ෂි හමුවේ.

ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මෙන් ම මෙරට ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකම් ද සංචාරක ආගමනයට හේතු සාධක විය.

ආධ්‍යාත්මික සුවය හා සරල ජීවිතය, ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,යහපත් දේශගුණික තත්ත්වය,  ඓතිහාසික වටිනාකම ආදී කරුණු අරබයා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය ගොඩනැගුනු අතර ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ළඟා කරගත හැකි ප්‍රධාන මාර්ගයක් ලෙස අද වනවිට සංචාරක කර්මාන්තය සැලකේ.

රටක් පිළිබද සංචාරකයන් ගේ සිත්වල ඇතිවන මුල්ම ආකල්ප සංචාරක කර්මාන්තයට ඉතාම වැදගත් වන අතර අදවන විට ශ්‍රී ලංකාව මෙම කාරණය පිලිබදව කොතරම් අවධානයක් යොමු කරන්නේද යන්න මැන ගැනීමට ඇති ප්‍රධානම මිම්ම වනුයේ සංචාරකයන්ගේ මුල්ම අත්දැකීම වන කොළඹ කටුනායක ගුවන් තොටුපළය.

කටුනායක ගුවන් තොටුපල පසුගියදා ජනාධිපති තුමන් විසින් නිරීකශණය කල අතර එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිළිබඳ නිරීක්ෂණය කර ඇති බව වාර්තාවිය.

කෙසේ වෙතත් අපට ලැබෙන තොරතුරු වලට අනුව ගුවන් තොටුපළේ ඇති පහසුකම් නිසි ආකරයෙන් නඩත්තු නොවන බවත් මගීන් අනවශ්‍ය ලෙස අපහසුතාවයට පත්වන බව වාර්තා වේ.

උදාහරණ කිහිපයක් ලෙස,

1. ගුවන් තොටුපොළෙ හි ආබාධිත පුද්ගලයන් සදහා වූ වැසිකිළි වල කැඩීගිය අගුලු නැවත යතා තත්වයට පත්කරනවා වෙනුවට තාවකාලික පිළියම් යොදා ඇති බව පහත් ජායාරූප හා වීඩියෝ දර්ශණ වලින් පෙන්නුම් කරයි.

 

2. කර්‍ය බහුල වේලාවන් හී අවශ්‍ය ප්‍රමාණයට ආගමන විගමන නිලධාරීන් රාජකාරී ස්ථාන වල නොමැති වීම

3. සංචාරකයන්ට ලංකාව එපා කරවන කටුනායක ගුවන්තොටුපලේ චන්ඩි ඩ්‍රයිවර්ලා

 

සැබවින්ම සිදු විය යුත්තේ මෙයද? විසදීමට පමා වන සැම දිනයක් පාසා විනාශ වන්නේ සංචාරක කර්මාන්තය තුල අප රටට ඇති කිර්ති නාමය නොවේද?

සංවාදයට විවෘතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *