මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවීමට අදාල නිළධාරීන්ට ජනපති උපදෙස්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලා සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් නිෂ්පාදනය කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවය.

ඊයේ පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් එම උපදෙස් දී තිබේ.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *