මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන මහතා වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති  ලේකම්කාර්යාලය පැවැසුවේය.

භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *