පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය පවසයි.

පකිස්තානය නැවත ලොකු ලූනු අපනයනය කිරීම ආරම්භ කිරීමත් සමග පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් මේ වනවිටත් රටට අවශ්‍ය ලූනු තොග ඇණවුම් කර ඇතැයි සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව ඇණවුම් කළ ලොකු ලූනු තොග ඉදිරි සති දෙක තුළදී මෙරටට ලැබුණු පසු කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් හතළිහක් පනහක් පමණ සිටින බව ද ඔවුන් සියලු දෙනා ලූනු ඇණවුම් කර තිබෙන බව ද ඔහු කීවේය.

මේ අතර පිටකොටුව තොග වෙළෙදපොළේ චීන ලොකු ලූනු මිල අඩු වී ඇති අතර එම ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් බව ද ආනයනකරුවෝ පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *