පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.

ඒ අනුව පොදු සමා කාලයේ පළමු සතිය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 7143 ක් සහ නිවාඩු නොමැතිව දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ද සේවයෙන් ඉවත් කර ඇති බව රසික කුමාර මහතා පවසයි.

මෙම මස 20 වැනිදා සිට ලබන මස 20 වැනිදා දක්වා මසක කාලයක් පොදු සමා කාලය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *