මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආසන්න ප්‍රදේශවල ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ජූනි 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වයස අවුරුදු 53ක් වන ඇන්නපිටිය පාර, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඩ් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *