මහනුවර පෙරහැරේ සිටින අලි ඇතුන්ට නළා පිඹීම, පන්දම් දැල්වීම සහ ලේසර් කිරණ එල්ල කිරීම නොකළ යුතු බව පොලිසිය නරඹන්නන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම කටයුතු හේතුවෙන් පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ට බාධා කිරීමේ වැඩි අවදානමක් පවතින බවට පශු වෛද්‍යවරුන් කළ දැනුම්දීමකට අනුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
දෙවන කුඹල් පෙරහර පැවැත්වෙන අවස්ථාවේදී අලි ඇතුන් කිහිප දෙනෙකු කලබල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ දරුවෙකු අත තිබූ නළාවක ඉදිරිපස කොටස හොඬවැලෙහි වැදීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. පෙරහැර පාර හැර නගරයේ කිසිදු ස්ථානයක ඊට අදාළ කටයුතු සිදුකිරීමට බාධාවක් නොමැති බවද පොලිසිය පවසයි.