ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර හෙට (18) ආරම්භ වීමත් සමඟ අගෝස්තු 28 වැනිදා දක්වා ක්රියාත්මක වන විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ශ්රී ලංකා පොලිසිය විසින් ප්රකාශයට පත් කර තිබේ.
ශ්රී දළදා මාලිගාවේ අනුග්රහයෙන් පැවැත්වෙන පෙරහැර සමයේ මහජන ආරක්ෂාව සහ රථවාහන ගමනාගමනය විධිමත් කිරීම සඳහා මාර්ග අවහිරතා, ආරක්ෂක රාජකාරි, වාහන සහ පුද්ගල පරීක්ෂා කිරීම්, වන්දනාකරුවන්ට මාර්ගෝපදේශ ලබාදීම සහ නියමිත රථගාල් ක්රියාත්මක කිරීමට නියමිතය.
හෙට පස්වරු 6.52ට පළමු කුඹල් පෙරහැර ශ්රී දළදා මාලිගාවෙන් ආරම්භ වේ. එය දළදා වීදිය, කොළඹ මාර්ගය, යටිනුවර මාර්ගය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගාව වෙත පැමිණීමට නියමිතය. පෙරහැර ගමන් කරන සම්පූර්ණ දුර කිලෝමීටර් 1.65ක් පමණ වේ.
විකල්ප රථවාහන මාර්ග
කටුගස්තොට සිට පැමිණෙන බර වාහන:
කටුගස්තොට → මහයියාව හන්දිය → තිලක් රත්නායක මාවත → පොලිස් හන්දිය → මහනුවර නගරය.
කටුගස්තොට සිට පැමිණෙන සැහැල්ලු වාහන:
කටුගස්තොට → ඩී.එස්. සේනානායක වීදිය → ක්රොස් පාර → යටිනුවර මාර්ගය → මීරාමක්කම් පල්ලිය අසලින් හැරී → තිලක් රත්නායක මාවත.
කටුගස්තොට දෙසට පිටත්වන වාහන:
පොලිස් හන්දිය → තිලක් රත්නායක මාවත → මහයාව.
තැන්නෙකුඹුර සහ අම්පිටිය සිට පැමිණෙන වාහන:
සංඝරාජ මාවත → වෙල්ස් පාර්ක් හන්දිය → ඇහැළේපොළ කුමාරිහාමි මාවතෙන් හැරී → බෝගම්බර → දුම්රිය ස්ථානය අසලින් → කොළඹ දෙසට වමට හෝ නගරය දෙසට දකුණට.
රාජපිහිල්ල මාවත හන්දිය → පල්ලිය පාර ඔස්සේද ඇතුළුවීමට හැකියාව පවතී.
නගරයේ සිට අම්පිටිය/තෙල්දෙණිය දෙසට:
ඔරලෝසු කණුව වටරවුම → දළදා වීදිය → ක්වීන්ස් හෝටලයේ පැති පිවිසුම → ජෝයි බෝට් සේවය පසුකර → සංඝරාජ මාවත.
විකල්ප මාර්ගය:
බෝගම්බර වටරවුම → ඇහැළේපොළ කුමාරිහාමි මාවත → රාජපිහිල්ල මාවත → වෙල්ස් පාර්ක් හන්දිය → සංඝරාජ මාවත → අම්පිටිය/තෙන්නෙකුඹුර.
මහනුවර නගරයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන:
විලියම් ගොපල්ලව මාවත හෝ පැරණි පේරාදෙණිය මාර්ගය භාවිත කළ හැකිය.
මහනුවර ඇසළ පෙරහැර යනු ශ්රී ලංකාවේ වැදගත්ම ආගමික හා සංස්කෘතික උත්සව අතරින් එකක් බැවින්, පෙරහැර සුමටව පැවැත්වීමට පොලිසිය විසින් පනවා ඇති රථවාහන සහ ආරක්ෂක සැලසුම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.


