මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කැඳවීමක් කෙරේ

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලබන 15 වනදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිෂන් සභාව දන්වා තිබේ.

ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමසා ඇති ගැටළුවලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මෙතෙක් තොරතුරු ලබානොදීම පිළිබද විමසා බැලීම සදහාය.

අදාළ තොරතුරු ලබාදෙන ලෙසට අවස්ථා තුනකදී ලිඛිතව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දන්වා තිබේ.

අදාළ පොලිස් නිලධාරීන්ගේ අවශ්‍ය තොරතුරු පෞද්ගලික ලිපිගොනු, විනය ගොනු, අධිකරණ කටයුතු සම්බන්ධ ගොනු මගින් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබූ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කෙසේවෙතත් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා ඇති ගැටළු සදහා තමන්ට පිළිතුරු ලබාදීමට හැකියාවක් නොමැති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට පෙර ලිඛිතව දන්වා තිබේ..

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමේ කමිටුව වෙත අදාළ පොලිස් නිලධාරීන් විසින් ඍජුවම තම ගැටලු ඉදිරිපත් කර ඇති අතර ඒවා සලකා බැලීමෙන් පසු අදාළ කමිටුව විසින් එක් එක් නිලධාරියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් ඉදිරිපත් කර තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *