මස්කෙළිය වත්තේ 21 දෙනෙක් දිනක වැටුප රට ගොඩ නැගීමේ අරමුදලට දෙති

මස් කෙලියේ වතු කම්කරුවන් 21 දෙනකු රට ගොඩනැගීමේ රජයේ අරමුදලට සිය දෛනික වැටුපෙන් රුපියල් දහස බැගින් පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ මස්කෙලියේ මවුස්සාකැලේ කොට්ටාසයේ හපුගස්තැන්න පහල කොටසේ වතුකම්කරවන් 21 දෙනෙකි.

එහිදී අදහස් දක්වමින් වතු කම්කරුවන් පවසා ඇත්තේ විපතට පත් ජනතාවට සහාය වීම සඳහා තමාට හැකි අයුරින් උපකාර කිරීමට ලැබීම ගැන සතුටු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *