ගාල්ල අයවැය පරදියි

ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය ලේඛණය වැඩි ඡන්ද දෙකකින් ඊයේ(15) පරාජයට පත්විය.

නගරාධිපති සුනිල් ගමගේ මහතා අයවැය ලේඛණය සභාවට ඉදිරිපත් කළේය.

ජිලිත් නිශාන්ත (එ.ජා.ප) මහතා අයවැය ලේඛණය විවේධනය කරමින් පළමුවෙන්ම කතා කරමින් කියා සිටියේ මෙම අයවැය ලේඛණය පසුගිය වසරේ අයවැය ලේඛණය හා බලනවිට වැඩි වෙනසක් නැති බවය. මෙම අයවැය ලේඛණය හුළං පිරවු බැලුම් බෝලයක් වගෙයි යනුවෙන් ද ඒ මහතා පැවසීය.

ඒ සමඟම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුලු  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රතුපාට බැලුම් බෝල පුපුරුවමින් අයවැයට විරෝධය පල කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *