මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියි.

අද ආරම්භ වූ 2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිරකරුවන් දස දෙනෙකු අතර මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ද වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ මරණ දණ්ඩනය නියම වූ සිරකරු ඇතුළු සිරකරුවන් පස් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවත් අනෙක් සිරකරුවන් පස්දෙනා වටරැක බන්ධනාගාරයේ සිටින බවත්ය.

වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සහ වටරැක බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානවලදී මෙම සිරකරුවන් විභාගයට පෙනී සිටින බව ද චනදන ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව චන්දන ඒකනායක පෙන්වා දුන්නේය.

බන්ධනාගාර ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කැමති සිරකරුවන්ට සහය වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග ඊට හේතු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *