මම කොරෝනා එන්නත් විදගත්තේ නෑ – ධම්මික වෙද මහතා පවසයි

තමන් කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වන බවත් එය සම්පූර්ණ අසත්‍යක් බවත් “ධම්මික පැණිය” නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් ධම්මික වෙද මහතා මෙසේද අදහස් දැක්වීය.

“මම විද ගත්ත එන්නතක් කෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා. හොඳින් බලන අයකුට පේනවා මෙය බද්ධ කර තිබෙන ඡායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා. ඒ වුණාට මෙම බෙහෙත් නිෂ්පාදනය මම දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා. ඒ වගේම විකෘති කළ ඡායාරූපය පිළිඹදව නීති මගින් කටයුතු කිරීමේ හැකියාව සොයා බලනවා” යැයි ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *