මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්රී තැපැල් දුම්රියේ ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩ ප්රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ පදිංචි 52 හැවිරිදි නීල් ශාන්ත නමැත්තෙක් බවද පොලීසිය කියයි.
මූලික පරීක්ෂණයේදී පොලිසියට අනාවරණය වී ඇත්තේ නිවස ආසන්නයේ ඇති දුම්රිය මාර්ගයේ වාඩිවී ඔහු මත් පැන් පානය කර ඇති බවත් අනතුරුව ඔහුට දුම්රිය මාර්ගයේම නින්ද ගොස් ඇති බවත්ය.
මේ පිළිඹද මරණ පරීක්ෂණය අද (25 ) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.