මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට පැය 24ම ක්‍රියාත්මක උපදේශන සේවාවක්

කොවිඩ් 19 පැතිරයාමත් සමග රටතුල උද්ගතව පවතින වසංගතමය තත්ත්වය සමඟ දිගු කාලිනව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පිරිස් සිය මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකියාව නිසා විවිධ කායික, මානසික අපහසුතාවයන්ට මුහුණු දෙමින් සිටී. එමෙන්ම ඔවුන් වෛරසය ආසාදනය වීමේ හා පැතිරවීමේ ආවදානම් කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනයකි. ඔවුන් මෙම තත්ත්වයට සම්බන්ධයෙන් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් පැය 24 පුරාම දුරකථන මාර්ගයන් ඔස්සේ උපදේශන සේවාවක් සැපයෙනු ලැබේ.

මෙම කර්තව්‍ය සදහා නිලධාරින් 53කින් යුත් කණ්ඩායමක් උපදේශනය සඳහා අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා 0710 301 301 යන දුරකථන අංකයට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *