’’මං රනිල්ගෙ ගොට්ටෙක් නෙමෙයි’’

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට  කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා කීය.

එය තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පැවසීය .

එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කීය .

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *