මංතීරු නීතිය හොඳ දෙයක්, වන විනාශය ගැනත් රජය අවධානය යොමු කළ යුතුයි – සරත් ෆොන්සේකා

රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බවත් ඊට සම්පූර්ණ සහය ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා සිටියි.

“මේ දිනවල මට ඉන්නේ අලුත් රියදුරෙක්, ඒ නිසා මම ඒ රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් ඉන්නවා. ජනතාවගේ මෙන්ම, රථ වාහන වල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණක් වෙනවා. මාර්ග අනතුරු සිදුවීම ඉහළ යෑමට මෙම මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් බලපානවා. එය නිසි පාලනයකට නතු වෙන්න ඕන. ඒ නිසා එම නීති බලාත්මක කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවා. නමුත් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම වගේම රටේ සිදුවන වන විනාශය ගැනත් රජය අවධානය යොමු කිරීම වැදගත්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *