මංගල අවමංගල උත්සව හැර වෙනත් කිසිදු උත්සවයකට අවසර දෙන්නෑ

නව කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාපතවී ඇති බවට හදුනාගැනීමත් සමගම අනවශ්‍ය උත්සව පැවැත්වීම හා සංවිධානය කිරීමට අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
ඒ මහතා පවසන්නේ දැනට අවසර ලබා දී ඇත්තේ විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් බවයි.

ඒ අනුව එම උත්සව හැරුණු කොට වෙනත් කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවත්, එවැනි උත්සව පැවැත්වීම සඳහා අවසර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට නොපැමිණෙන ලෙසටත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මුහුණු ආවරණ නොපලඳිමින්, සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන සියලු දෙනාට නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *