බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට බෙහෙත් ලබා ගැනීමට දුරකථන අංකයක්

බෝනොවන රෝග පවතින පුද්ගලයන්ට ඖෂධ ලබාගැනීම සඳහා ඒ ඒ රෝහල් මඟින් ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බෝනොවන රෝග පිළිබඳ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය සඳහන් කළේ ඖෂධ ලබාගැනීම සම්බන්ධ තොරතුරු විමසීම සදහා දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇති බවය.

ඒ අනුව 0720-720 720 හෝ 0720-60 60 60 අංකවලට ඇමතිය හැකි බව විශේෂඥවරිය සඳහන් කළාය.

බෝනොවන රෝගවලට ලක්ව සිටින තැනැත්තන් ඖෂධ ලබාගැනීම මෙන්ම යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමද වැදගත්වන බව අද පැවැති මාධ්‍ය හමුවකදි ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *