බොහෝ නගරවල වෙළෙඳසැල් වැසෙයි

පවතින කොවිඩ් වසංගතය හමුවේ ගම්පහ නගරයේ සියලුම වෙළෙඳසැල් අද සිට ස්වේච්ඡාවෙන්ම වසා දැමීමට ගම්පහ වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ඒ බව සඳහන් කළේය.

එසේම ඔහු සඳහන් කළේ එළඹෙන 16 වන දින යක්කල නගරයේ වෙළෙඳසැල් ද ස්වේච්ඡාවෙන් වසා දැමීමට යක්කල වෙළෙඳ සංගමය තීරණය කර ඇති බවය.

මේ අතර කැප්පෙටිපොළ නගරයේද වෙළෙඳසැල් අද සිට ස්වේච්ඡාවෙන් වසා දැමීමට නගරයේ වෙළෙඳුන් තීරණය කර තිබේ.

මේ අතර සුපුරුදු පරිදි හොරණ සතිපොළ අද දිනයේදී පැවැත්වුණත් එහි ජන ශූන්‍ය තත්ත්වයක් පැවතුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *