බොරතෙල් මිල අඩුවූවද සැපයුම්කරුවන් ලංකාවට තෙල් දෙන්නේ වැඩි මිලට බව IOC ආයතනය පවසයි.

ලෝක වෙළෙඳ පොළේ පවතින බොරතෙල් මිල පහළ යාමට සාපේක්ෂව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙරට වෙළඳ පොළේ ඉන්ධන මිල සංශෝධනය කරන්නේ නම් ඊට අනුකූල වීමට සූදානම් බව ලංකා ඉන්දීය සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව ක්‍ෂණික ප්‍රතිචාර මෙරට තුළ දැක්වීමට හැකියාවක් නැති බවද සමාගම පවසයි.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇති වැඩි මිලට ගත් ඉන්ධන තොග තවදුරටත් මෙරට තුළ පැවතිම බවද ඔවුන් පෙන්වා දෙති.

ඊට අමතරව මෙරට පවතින ඩොලර් අර්බුදය මත ඉන්ධන සැපයුම් කරුවන් මෙරටට ඉන්ධන සැපීමේදී ඉහළ මිල සීමාවන් තීරණය කර තිබීමද තවත් හේතුවක් බවද පවසන ඉන්දීය තෙග් සමාගම ඉන්ධන ආනයනයට ණයවර ලිපි විවෘත කිරීමේදී පවතින බාධාවන් ද ඉන්දන සැපයුම කෙරෙහි ගැටලුකාරී තත්ත්වයන් මතු කරන බවද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *