ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය.

එහිදී සොනාල් දිනුෂ ලකුණු 100ක් රැස්කරගත්තේ පන්දුව 168කට මුහුණ දෙමිනි.

ඔහුගේ ඉනිමට හතරේ පහරවල් හතර සහ හයේ පහරවල් දෙකක් ඇතුළත්විය.

නිරෝෂන් දික්වැල්ල 80ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දුයැවීමේදී මනව් සුදාර් කඩුලු හතරක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු තුනක් දවාගත්තහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 462කි.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *