බෙරේ පලුවකුත් නෑ – නටපු නැටුමකුත් නෑ මේ අය ආවොත් සමහර විට රටේ පලුවකුත් නෑ

යහපාලන ආණ්ඩුවට මුක්කු ගසමින් කටයුතු කළ පාර්ශව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබෙන බවත්, ඔවුන්ට ජනතාව ඡන්දේ නොදෙන බවට තමාට විශ්වාසයක් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

බෙලිඅත්ත ප්‍රදේශ​යේ  පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගහපු අය අද ජනාධිපතිවරණ අපේක්ෂකයන් විදියට ඇවිත් ආපසු රට ඉල්ලනවා. මේ අය කවුරු ආවත් ​මොකද වෙන්නේ කියලා දන්න කෙනෙක් එයාලට ඡන්දෙ දෙනවාද කියලා මට සැකයක් තිබෙනවා. දන්න කෙනෙක් ඡන්දේ දෙන්නේ නෑ කියලයි මම විශ්වාස කරන්නේ. එදා යහපාලන ආණ්ඩුව ගෙනාවේ හොරු අල්ලන්න කියලා. අද එන්නෙත් හොරු අල්ලන්න කියලා. අන්තිමට බෙරේ පලුවකුත් නෑ. නටපු නැටුමකුත් නෑ. සමහර විට මේ අය ආවොත් රටේ පලුවකුත් නැති වෙන්න පුළුවන්. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *