ඡන්දය දාන්න මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අරන් යන්න

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව

  1.  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  3. වලංගු රියදුරු බලපත්‍රය
  4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත(විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
  5. වැඩිහි​ටි හැඳුනුම්පත(ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් නිකුත් කළ)
  6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජක හැඳුනුම්පත
  7. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
  8. මැතිවරණ කොමිෂන් සභාව මඳින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
  9. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

යන ලේඛන වලින් එකක් තිබීම ඡන්දය භාවිතා කිරීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *