බූස්ස බන්ධනාගාරයේ සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ඊයේ (25) රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. එම බන්ධනාගාරයේ වෙන වෙනම රඳවා සිිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ මෙම ආහාර වර්ජනයට සම්බන්ධ වී තිබේ. මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින්.

අදාළ සිරමැදිරිවල රඳවා සිටින්නේ කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් බවටයි වාර්තා වේ.

දිනකට අවස්ථා 02 බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ. එමෙන්ම ඔවුන් පිටතට ගනු ලබන්නේ ද අනෙකුත් රැඳවියන්ට එකිනෙකා මුණ නොගැසෙන ආකාරයටයි. ඔවුන් ඉල්ලා සිටින්නේ එලෙස සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය තවත් වැඩි කරන ලෙසයි.

කෙසේ වෙතත්, බන්ධනාගාර ප‍්‍රධානීන් එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නැති බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *