Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

2027 අයවැයෙන් හිටපු ජනපතිවරුන්ට රු. මිලියන 34 ක් – ඇමති ආනන්ද

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2027 අයවැයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් සඳහා රජය විසින් රුපියල් මිලියන 34 ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,500 ක් වෙන් කර ඇති බවත්, එය ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙන විශාලතම වියදම බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

අතීතයේ මෙන් නොව, ජනාධිපතිවරයා විසින් පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ දේශපාලන පක්ෂ සඳහා මෙවර අරමුදල් වෙන් කර නොමැති බව ද අමාත්‍ය විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ අදහස