සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණ

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒ අනුව ඇතැම් සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළ කථානායක ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ, වැඩබලන නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සංශෝධන මෙන්ම අධිකරණය විසින් නියම කරන ලද සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී ඇති බවයි.




