චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින් එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දෙන එම එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 11 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතව තිබේ.
මෙරට වෙසෙන චීන වැසියන් වෙත මෙම එන්නත් මාත්‍රා පළමුවෙන්ම ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටින්නේ.
චීන රජයෙන් ලැබෙන මෙම එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගැනීමට නියමිතයි.