බිය ගන්වන්නන්ට පොලිසිය අනතුරු ඇඟවීමක් කරයි.

සමාජ මාධ්‍ය හරහා සහ වෙනත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතාව තුළ භීතිය ඇති කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ 2022 ජූලි 18 වැනි දින වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ගැසට් නිවේදනයේ 15 වැනි වගන්තිය යටතේ එවැනි කටකතා පතුරවන්නන්ට එරෙහිව පියවර ගත හැකි බවයි.

මහජනතාව අතර භීතිය ඇති කරන පුද්ගලයින්ට එරෙහිව හෝ ජනතාව පෙළගස්වා ගැනීම සඳහා පෝස්ට් පළ කිරීමට සහ නීතියට පටහැනි සිදුවීම් ඇති කිරීමට එරෙහිව පියවර ගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

හදිසි නීතියට අදාළ ගැසට් පත්‍රයට අනුව නීති කඩ කළ බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ට එරෙහිව සිය සයිබර් අපරාධ ඒකකය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *