බිත්තර

බිත්තර මිල තව තවත් ඉහළට

කුකුළු කෑම හිඟය හේතුවෙන් මේ වන විට වෙනත් ආහාර වර්ග ලබාදීම සිදු වීමට ඇති නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඒ අනුව බිත්තර මිල ඉදිරියේ දී තවත් වැඩි වනු ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් දුමිෂ්ක සුබසිංහ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රජය විසින් විකල්ප ආහාර ලෙස තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති වුවත් තිරිඟු ඇට කුකුළු කෑම සඳහා විකල්පයක් නොවන බවයි.

මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 23කි. පාඩුවකින් තොරව බිත්තර අලෙවි කිරීමට බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වාවත් වැඩි කළ යුතු බවයි ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *