බිත්තරයක සිල්ලර මිල ලබන සතියේ රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පැවසීය.
තොග වෙළෙඳුන්ට ගොවිපොළොන් බිත්තරයක් රුපියල් 53 ක් හෝ 54 ක මිලකට ලැබෙන බව කී ඒ මහතා තොග වෙළෙදුන් බිත්තරයක් රුපියල් 58 ක් හෝ 59 කට සිල්ලර වෙළෙදුන්ට සපයන බවත් ඒ මහතා කීය.
රුපියල් 53 ට හෝ 54 ලැබෙන බිත්තරයකට ප්‍රවාහන වියදම් රුපියලක් සහ තවත් රුපියල් 3 ක් එකතු කර සිල්ල්ර වෙළෙදුන්ට සපයන බව ඇන්ටන් අප්පුහාමි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.