LK reports news sinhala

බැටික්ලෝ කැම්පස් ආයතනයට කළ යුතු දේ රතන හිමියෝ කියති

බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.

එම ආයතනයට එරෙහිව මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි බල කරමින් අතුරලියේ රතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් මඩකලපුව නගරයේ විරෝධතාවක නිරත වූ අතර විරෝධතා පාගමනින් මඩකලපුව නගරයේ ගමන්ගත් පිරිස පසුව ඔරලෝසු කණුව අසළට පැමිණ සිය විරෝධය පළ කළහ.

එහිද අදහස් දැක්වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් පැවසුවේ බැටික්ලෝ කැම්පස් ආයතනය මුළුමනින්ම නැවතීමට අවශ්‍ය බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පැවසුවේ එය රජයට පවරාගත යුතු බවත් එහි ඇත්තේ මුස්ලිම් නීති සහ ප්‍රතිපත්ති පමණක් බවත් මෙය විශ්වවිද්‍යාලයක් නොවන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මේ රටේ තිබෙන මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න අඩිතාලමක් දමා තිබෙන බවද විනයාගමූර්ති මුරලිදරන් පවසා සිටියේය. ලංකාවේ සිටින සෑම කෙනෙකුගේම ආරක්ෂාව මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *