LK reports news sinhala

ගෝඨාගේ නම අමෙරිකා පුරවැසිභාවය අත්හළ ලැයිස්තුවට එන හැටි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු පුරවැසිකම් අත්හැරි අය දක්වා තිබෙන අගෝස්තු ලැයිස්තුවේ සටහන්ව නොතිබූ අතර මේ සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මාධය හමුවේ කියා ඇත්තේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතැම්විට පසු ලේඛනයක සඳහන් විය හැකි බවයි.

තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිය නිවසේ පැවති අන්තර් ක්‍රියාකාරී සැසියකදී ඇය මේ බව කියා තිබෙන අතර ඒ ගැන අද ඩේලි මිරර් පුවත්පතේ සටහන්වී තිබේ.

ඇය දක්වා සිටින්නේ  පුරවැසිභාවය අත්හැරීම පරිපාලන ක්‍රියාවලියක් බවත් පුරවැසිභාවය අත්හරින්නට ඉල්ලන අයට එය ලබාදීම හෝ නොදීම හෝ ප්‍රමාදවීම ගැන දන්නේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් බවත් කෙනෙකුගේ නමක් සම්බන්ධයෙන් කාරණා රහස්‍ය වන නිසා පුද්ගලික පැහැදිලි කිරීමක් කිරීමට ඔවුන් බැඳී නොසිටින බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමට කුමක්වීද යන්න ගැන නිල පැහැදිලි කිරීමක් කිරීම ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

(ඩේලි මිරර් ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *