“බැකෝ සමන්”ගේ මව වෙඩි තැබීමකින් මරුට

පාතාල කල්ලි සාමාජිකයකු බවට චෝදනා එල්ල වී ඇති “බැකෝ සමන්”ගේ මව මිද්දෙණියේදී වෙඩි තැබීමකට ලක්ව මියගොස් තිබේ.

මිද්දෙණිය උලහිටියාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇයට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර තිබූ අතර, පසුව ඇය තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සිදුවන්නේ පාතාල කල්ලි සාමාජිකයකු බවට චෝදනා එල්ල වී ඇති කංජිපානි ඉම්රාන්ගේ ඥාතියකු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *