ගාල්ල සිට කොළඹ බලා අද (15) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්විය.
මෙම බස් රඨයේ රියැදුරු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු 27 හැවිරිදි තරුණයෙකි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ලැටී නැමැත්තෙක් බවත්, ඔහු ඉන්දියාවේ දී මියගිය බවට සඳහන් කරන අංගොඩ ලොක්කා නැමති අපරාධකරුගේ ගෝලයෙකු බවටද තොරතුරු වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.