බස් ගාස්තු සංශෝධනය කරන්න බස්රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

බස් ගාස්තු සංශෝධනයක් දෙවසරකින් පමණ සිදුකර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබාදෙන්නැයි පෞද්ගලික බස්රථ හිමියන් ඉල්ලීමක් කර තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයින් පිරිස මෙම ඉල්ලීම කළ බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස්රථ හිමියන් පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇදිරි නීතිය පැනවූ කාලසීමාව තුළත්, ඉන් අනතුරුව සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුවත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම මගින් තමන්ට පෙර මෙන් නිසි ආදායමක් නොලැබෙන බවයි. එහිදී අමාත්‍ය වරයා පෙන්වා දී ඇත්තේ මෙම අවස්ථාවේ රටේ සෑම අංශයක්ම කොවිඩ් වසංගත තත්වය මත ආදායම් අහිමි වීමේ තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම උචිත නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *