බස්රථයක ගමන් ගත් 18 දෙනෙකුට කොවිඩ්

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලදී අද තහවුරු වී තිබේ.

බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන එම පිරිස එකම බස් රථයකින් හපුතලේ සිට බලංගොඩට ගමන්කර ඇති අතර ඉකුත්දා ඇඟලුම් කම්හලේදී කළ PCR පරීක්ෂාවේදී ඔවුන් ආසාදිත බවට හඳුනාගත් බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *