බස්නාහිර පළාතේ වාහන හිමියන්ට නිවේදනයක්

බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.08.12 දින සිට 2021.08.31 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර 2021.09.30 දින දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *