කොවිඩ් -19 වසංගත තත්ත්වය මත බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.08.12 වන දින සිට 2021.08.31 වන දින දක්වා අත්හිටුවා තිබේ.
එම කාලය තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.09.30 වන දින දක්වා දඩ මුදල් අය නොකරන බව ද දැනුම් දී ඇත.
www.motortraffice.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය යටතේ එම පහසුකම ලබාගත හැකිය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී ඇත.