ඊයේ දිනයේදි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 67ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46ක්, හඳුනාගැනුණු අතර බස්නාහිර පළාතෙන් ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 27,246ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සදහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 37,631 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින්ගෙන් 28,682 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 8,768 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.