අද දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයින් 15ක් වාර්තා වීමත් සමගම බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ මෙම නව ආසාධිතයින් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් බවයි.
මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙන සමස්ථ බන්ධනාගාර ආසාදිතයින්ගෙන් සංඛ්‍යාව 4,373 දෙනෙකු වන අතර, ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 155 ක් බවටයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.