බදියුදීන් තව දුවටත් රිමාන්ඩ්

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් ගොනුකර තිබූණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද කියා සිටියේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය මත තමන්ට රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට නොහැකිවූ බවත් රජයේ නීතිඥවරයෙකුගේ සහය ලබාගෙන කරුණු ඉදිරිපත්කිරීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *