LK reports news sinhala

පොහොට්ටුවට තවත් පෙති 10ක් එක්වෙයි

පිළිගත් දේශපාලන පක්ෂ 10ක් අද(26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධ වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අද පෙරවරුවේ මෙම අත්සන් තැබීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයෝ එක්ව සිටියහ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර ඒ සඳහා එක්වුණු පක්ෂ මෙසේය.

දෙමළ ජාතික නිදහස් පෙරමුණ – විනයාගමූර්ති මුරලිදරන්

මව්බිම ජනතා පක්ෂය – හේමකුමාර නානායක්කාර

ලංකා කම්කරු එක්සත් පෙරමුණ – එස්. සතාසිවම්

ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සලවර්නාදන් දුෂ්‍යන්තන්

මුස්ලිම් උලමා පක්ෂය – මුබාරක් අබ්දුල් මජීඩ්

ලිබරල් පක්ෂය – කමල් නිශ්ශංක

නව සිහල උරුමය – සරත් මනමේන්ද්‍ර

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂය – අරුණ ද සොයිසා

එක්සත් ලංකා මහා සභාව  – ජයන්ත කුලසිංහ

භූමි පුත්‍ර පක්ෂය – සරත් විජේරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී එක්ව කටයුතු කිරීම විශේෂයෙන්ම මෙහිදී ප්‍රධාන ඉලක්කය වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *