පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී ඇඟිලි සලකුණු තැබීම සඳහා සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
දැනට පවතින ක්‍රමය අනුව පොලිස් ස්ථානයක සේවය කරන සියලුම පොලිස් නිලධාරීන් සේවයට පැමිණ පොතෙහි සටහන් තැබිය යුතුවේ. එම තත්වය හමුවේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සෑම දිනකදීම උදය කාලයේදී මෙම සටහන් කියැවීමට සිදුවීමෙන් රාජකාරි කිරීමට ලැබෙන කාලය සීමිත වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරුන්ද පවසා සිටියි. එම කරුණු සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටින්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස දියුණු කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි. එසේම මෙම ක්‍රමය මගින් ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඉහළ නැංවීමටද හැකිවනු ඇතැයි ඔහු පවසා සිටියි.