තිස්සමහාරාම, සූරියවැව ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙනෙකු විසින් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් කොල්ල කා පළා ගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සූරියවැව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් පොලිස් ජීප් රථයෙන් අදාළ කොල්ලකරුවන් දෙදෙනා ලුහුබැඳ ඇති බව සඳහන් වේ.
එහිදී කොල්ලකරුවන් විසින් පොලිස් ජීප් රථයට වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙහිදී පොලිස් ජිප් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ජීප් රථයේ සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ද තුවාල ලබා තිබේ.